නීරෝගී පැහැපත් සමක් ලබාගන්න මේ ආහාර වර්ග නිතරම ආහාරයට එකතු කරගන්න

පැහැපත් නිරෝගී සමක් කියන්නේ රුව ලස්සන කරගන්න අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් මේ නිසා දෙනා  විවිධ කෘතීම නිෂ්පාදන භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මේ නිෂ්පාදන වලින් කෙටි කාලීනව යම් තරමක ප්‍රතිඵල ලැබුනත් දිර්ඝ කාලීනව භාවිතයෙන් සැමට හානි ඇති වෙන්න පුළුවන්. එතකොට පැහැපත් නිරෝගී  සමක් ලබාගන්න නම් මොකද කරන්න ඕනේ? ඒ ගැන තමයි අපි අද මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 

ඔයාලා දන්නවද සමහර ආහාර වර්ග නිතරම කෑමට ගැනීමෙන් පැහැපත් නිරෝගී සමක් ලබාගන්න පුලුවන් කියලා. ඔව් අද අපි මේ කියන ආහාර වර්ග නිතරම වගේ ලබාගැනීමෙන් සැමට අවශ්‍ය පෝෂණය ලබාදීලා නිරෝගී පැහැපත් සමක් ලබාගන්න පුළුවන්. එහෙනම් සම්පුර්ණ ලිපියම කියවලා යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්න එපා.

මේදමය මාළු

fatty-fish

මේදමය මාළු වශයෙන් හඳුන්වන මාළු වර්ග වල සමට ඉතාම වැදගත් වෙන ඔමේගා 3 මේද අම්ල බහුලව අඩංගු වෙනවා. ශරීරයේ ප්‍රමාණවත් තරම් ඔමේගා 3 මේද අම්ල නැත්නම් ඔබේ සම වියලී බව වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේ මේද අම්ල නිසා සමේ කුරුලෑ ඇති වීම අවම කරගන්න පුළුවන්. මේදමය මාළු ආහාරයට ගැනීමෙන් ඔබේ සම පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරගන්නත් හැකි වෙනවා. අපි හොඳින් දන්නා සැමන් මැකරල් ටුනා එහෙමත් නැත්නම් කෙලවල්ලා වගේ මාළු අයත් වෙන්නේ මේ මේදමය මාළු වලට. ඒ වගේම සැමන් මැකරල් වගේ මේදමය මාළු වල ප්‍රෝටීනුත් බහුලව අඩංගු වෙලා තියෙනවා. 

අලිගැටපේර 

avacado

අලිගැටපේර කියන්නේ පෝෂ්‍ය ගුණ විශාල ප්‍රමාණයක් අඩංගු වෙන සුපිරි ආහාරයක්. ඉතින් මේවගේ අඩංගු වෙන හිතකර මේද සමේ පැහැපත් බව ආරක්ෂා කරන්න උපකාරී වෙනවා. අධ්‍යනයකට අනුව අලිපේර වල අඩංගු වෙන හිතකර මේද වලින් සමේ තරුණ බව රැකගන්න වගේම දීප්තිමත් බව ඇති කරන්න උපකාරී වෙනවා කියලත් හෙළි වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රතිඔක්සිකාරකයක් වශයෙන් ක්‍රියා කරන විටමින් E අලිපේර වල බහුලව අඩංගු වෙනවා. ඒ වගේම පාරජම්බුල කිරන  නිසා සමට සිදු වෙන හානි වලක්වන්න අලිපේර වල තියෙන සංඝටක වලට පුළුවන කියලත් අධ්‍යනයන් කිහිපයකින්ම හෙළි වෙලා තියෙනවා. 

සන්ෆ්ලවර් ඇට 

sunflower-seeds

සමේ නිරෝගී බව වැඩි කරන්න උපකාරී වෙන පෝෂ්‍යදායී ගුණ බහුලව අඩංගු ආහාරයක් තමයි සන්ෆලවර් ඇට කියන්නේ. මෙවන් ඉතාම ස්වල්ප ප්‍රමාණයක් උනත් දිනපතා ලබාගැනීමෙන් ශරීරයට අවශ්‍ය විටමින් සහ ප්‍රෝටීන් ලබාගන්න පුළුවන්. සන්ෆලවර් ඇට ග්රෑම් 20ක් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට දිනපතා අවශ්‍ය වෙන විටමින් E ප්‍රමාණයෙන් බාගයක් පමණ ලබාගන්න පුළුවන්. ඒ වගේම ශරීරයට දිනපතා අවශ්‍ය සෙලේනියම් වලින් 41% ක් සහ සින්ක් වලින් 14% ලබාගන්න විතරක් නෙවෙයි ප්‍රෝටීන් ග්රෑම් 5ක් වගේ ප්‍රමාණයකුත් සන්ෆලවර් ඇට ග්රෑම් 20 කින් පුළුවන්. 

බතල

sweet-potato

බතල කියලා කියන්නේ ප්‍රෝවිටමින් A වශයෙන් ක්‍රියාකරන බීටා කැරටින් බහුල ආහාරයක්. බීටා කැරටින් විටමින් A බවට පරිවර්තනය කරනන ඔබේ ශරීරයට හැකියාව තියෙනවා. ඒ වගේම බතල ග්රෑම් 100 කින් ඔබේ ශරීරයට දිනපතා අවශ්‍ය වෙන විටමින් A ප්‍රමාණය වගේ 6 ගුණයක් විතර ලබාගන්න පුළුවන්, ඒ වගේම බීට කැරටින් වල තියෙන ප්‍රතිඔක්සිකාරක වලට ඔබේ සැමට ඇතුල් වෙලා හිරු එළියෙන් සිදු වෙන හානි වලක්වන්න හැකියාව තියෙනවා. 

රතු හෝ කහ බෙල් පෙපර් 

bell-prepper

බීටා කැරටින් අඩංගු තවත් ආහාරයක් තමයි බෙල්පෙපර් කියන්නේ. බෙල්පෙපර් ග්රෑම් 100 කින් ඔබේ ශරීරයට දිනකට අවශ්‍ය වෙන විටමින් A ප්‍රමාණය වගේ 156% ගුණයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම බෙල් පෙපර් කියන්නේ විශිෂ්ඨ විටමින් c ප්‍රභවයක්. ඔබේ සම එකට තබා ගන්නා කොලජන් නිෂ්පාදනයට මේ විටමින් C ඉතාම වැදගත් වෙනවා. වයසට යාමත් එක්ක ශරීරයේ කොලජන් නිපදවීමේ හැකියාව අඩු වීම නිසා තමයි සම රැලි වැටීම සිදු වෙන්නේ. ඒ වගේම බෙල්පෙපර් ග්රෑම් 150ක විටමින් A වලට අමතරව ඔබේ ශරීරයට දිනකට අවශ්‍ය වෙන ප්‍රමාණය වගේ තුන් ගුණයක විටමින් C ප්‍රමාණයක් අඩංගු වෙනවා. විටමින් C බහුල ආහාර ගැනීමෙන් වයසට යනකොට උනත් සම රැලි වැටීම අඩු කරගන්න පුළුවන කියලා අධ්‍යනයන් මගින් හෙළි වෙලා තියෙනවා. 

තක්කාලි 

tomato

ලයිකොපීන් ද ඇතුළුව ඔබේ ශරීරයට වැදගත් වෙන කැරොටිනොයිඩ්ස් සියල්ලම වගේ තක්කාලි වල අඩංගු වෙනවා. ඒ වගේම  බීටා කැරටින් වගේම අහිතකය හිරු කිරණ වලින් සම ආරක්ෂා කරන්න ලයිකොපීන් වලට හැකියාව තිබෙනවා. නිතරම තක්කාලි ආහාරයට ගැනීම සම නිරෝගිව තබාගන්න උපකාරී වෙනවා.

තවත් ලිපියක් කියවන්න – මේ ආහාර වලින් දියවැඩියාව පාලනය කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියාද?