තරුණ බව රැකගන්න කොරියානුවන් අනුගමනය කරන රහස් පිළිවෙත් 6ක්

හැමදාම තරුණ පෙනුමට ඉන්න හැමෝම කැමතිනේ.  ඒ සඳහා විවිධ කෘතීම වගේම ස්වභාවික ක්‍රම ගොඩක් අද සමාජයේ තියෙනවා. ඒ වගේම විවිධ සංස්කෘතීන් වලට ආවේනික උන තරුණ බව රැකගැනීමේ උපක්‍රම තියෙනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඔයාල හැමෝම දන්නා රටක් වෙන කොරියාවේ අය තරුණ බව රැකගන්න අනුගමනය කරන පිළිවෙත් කිහිපයක් ගැන. නිවැරදිව මුහුණ පිරිසිදු කරන්නේ කොහොමද කියන එකේ ඉඳල බීම බට භාවිතයෙන් වැලකීම, ඉලෙක්ට්‍රොනික් උපාංග භාවිතය අඩු කිරීම වගේ ඔයාලා මෙතෙක් දැනගෙන හිටපු නැති කොරියාවේ අය තරුණ බව රැකගන්න භාවිතා කරන ක්‍රම කිහිපයක්ම මේ ලිපියෙන් අපි ඔබට ගෙන එනවා. සම්පුර්ණ ලිපියම කියවලා තවත් කෙනෙක්ට දැනගන්න ශෙයා කරන්නත් අමතක කරන්න එපා.

ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය අවම කිරීම 

ගොඩක් වෙලා අපේ දුරකථන එක්ක කාලය ගත කරන්න අපි ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම දුරකථනය හෝ පරිඝනයක භාවිත කරද්දී අපි ගොඩක් වෙලාවට බෙල්ල නවාගෙන හෝ කොන්ද නවාගෙන තමයි ඉන්නේ.  මේ විදිහට ගොඩක් වෙලාවට පරිඝනක ඉදිරියේ ඉඳීමෙන් මාංශ පේශි වේදනාව, සන්ධි වේදනාව, වගේ තත්වයන් ඇති වෙන්නත් පුළුවන්. දුරකථනය දිහා බලන්න බෙල්ල නවාගෙන ඉඳීමෙන් වෙන්නෙත් මේ වගේම දෙයක් තමයි. කොරියානු ජනතාව ගොඩක් වෙලාවට මුහුණ භාවිතා කරන රුපලාවන්‍ය සත්කාරයම බෙල්ලටත් භාවිතා කරනවා. ඒ වගේම බෙල්ලේ සමෙහි තෙතමනය පවත්වාගන්න විවිධ ආලේපන භාවිතා කිරීමත් සිදු කරනවා. ඒ වගේම නිතරම බෙල්ල නැවිමේදී බෙල්ලේ සම අහිතකර කිරණ වලට පහසුවෙන් නිරාවරණය වෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. ඒ වගේම බෙල්ලේ සම රැලි වැටීම වේගවත් වීමටත් මේක හේතු වෙනවා. ඒ නිසා පයා නිතරම දුරකථන හෝ පරිඝනක භාවිතා කරනවා නම් දිනකට විනාඩි 30ක් වගේ බෙල්ලට ව්‍යායාම කරන්න අමතක කරන්න එපා.

ප්‍රොබයෝටික් අඩංගු ආහාර ගැනීම 

ප්‍රෝබයෝටික් ප්‍රදාහය ඇතිවීම වළක්වනවා. ඉතින් ප්‍රෝබයෝටික් අඩංගු ආහාර ගැනීම කියන්නේ තරුණ බව රැකගන්න තියෙන ප්‍රධානම කොරියානු ක්‍රමයක්. අපේ ශරීරයේ හොඳ සහ නරක බැක්ටීරියා වර්ග දෙකම තියෙනවා. ඉතින් ප්‍රෝබයෝටික් අඩංගු ආහාර ගැනීමෙන් ශරීරයේ තියෙන හොඳ බැක්ටීරියා ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. අච්චාරු, බියර් , වයින් ගෝවා වගේ ආහාර ප්‍රෝබයෝටික් බහුලව අඩංගු වෙනව. ඒ වගේම යෝගට් කියන්නෙත් ප්‍රෝබයෝටික් ලබාගන්න පුළුවන හොඳම ක්‍රමයක්. ශරීරයේ තියෙන නරක බැක්ටීරියා නිසා ඇති වෙන ප්‍රදාහය නිසා සම රැලි වැටීමට හේතු වෙනවා. සම රැලි වැටීම කියන්නේ අපිට වයසක පෙනුමක් ලැබෙන්න ප්‍රධානම හේතුවක්. ඒ නිසා පුළුවන් තරම් ප්‍රෝබයෝටික් අඩංගු ආහාර ලබාගන්න එක ඇඟට වගේම පෙනුමටත් හොඳයි.

කිම්චි ආහාරයට ගැනීම 

කිම්චි කියලා කියන්නේ ලුණු දැමූ සහ පැසුණු එළවළු වලින් සකස් කරන කොරියානු ආහාරයක්. ඒ වගේම කිම්චි කියන්නේ තරුණ පෙනුම රැකගන්න උපකාරී වෙන පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන ආහාරයක්. විටමින් සී මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. කොරියානු ගෝවා කිම්චි වල අපේ දෛනික විටමින් සී අවශ්‍යතාවයෙන් 21%ක් විතර ප්‍රමාණයක් අඩංගු වෙනවා. විටමින් සී මගින් ශරීරයේ සෛල ආරක්ෂා කරන අතර සම සුමුදුව පවත්වා ගැනීමටත් උපකාරී වෙනවා. ඒ වගේම විටමින් සී මගින් ශරීරයේ අස්ථි සහ කාටිලේජ වල ශක්තිය වැඩි කිරීමත් සිදු වෙනවා. ඒ වගේම කිම්චි වල ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රකෘතිමත් කිරීමට සහ හදවත, පෙනහළු සහ වකුගඩු වගේ අවයව නිසි පරිදි ක්‍රියාකිරීමට උපකාරී වෙනවා විටමින් A අඩංගු වෙනවා. 

බීම බට භාවිතා නොකිරීම 

මේක නම් ටිකක් අමුතුයි වගේ තමයි. හැබැයි බීම බට භාවිත කිරීම නිසා ඔයාගේ මුහුණ රැලි වැටීම ඉක්මන් කරන්න පුළුවන්. මුහුණ රැලි වැටීම කියන්නේ තරුණ කෙන්ක්ට උනත් වයස පෙනුමක් ලැබෙන්න හේතු වෙන කාරණයක්. බෝතලයකින් මොනවා හරි පානය කිරීමෙන් වෙන්නෙත් මේ දේම තමයි. බටයකින් හෝ බෝතලයකින් මොනවා හරි පානය කරනකොට මාංශ පේශි චලනය වීම වේගයෙන් සිදු වෙන නිසා තමයි මෙහෙම වෙන්නේ. මේ නිසා කොරියානු තරුණ බව රැකගැනීම සමබන්ධයෙන් තියෙන ප්‍රකාශන බොහොමයක බීම බට භාවිතයෙන් වලකින්න  කියලා යෝජනා කරලා තියෙනවා. කොහොම උනත් බීම බට නිසා ඇති වෙන එකම අවාසිය මුහුණ රැලි වැටීම විතරක් නෙවෙයි. බඩ පිපිම, දත් වල කුහර සහ පැල්ලම් ඇතිවීම වගේ දේවලුත් මේ නිසා ඇති වෙන්න පුළුවන්. 

නිවැරදිව ශරීරය පිරිසිදුව තබාගැනීම

ඔයාලත් තරුණ පෙනුම රැකගන්න උනන්දු වෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලගේ සම පිරිසිදුව තබාගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. අපි මේ කියන්නේ මොනවා හරි ක්‍රීම් එකක් භාවිතා කරල සමේ තෙතමනය පවත්වා ගැනීම විතරක් නෙවෙයි. සමේ රැඳෙන කුණු දුවිලි ඉවත් කිරීමත් මේකට ඇතුලත් වෙනවා. ඒ වගේම නිවැරදි උෂ්ණත්වයෙන් යුතු ජලයෙන් මුහුණ සහ සම සේදීමත් වැදගත්. කොරියානු තරුණ බව රැකගැනීමේ පිළිවෙත් වල ඇල්කොහොල් සහ සෝඩියම් ලෝරල් සල්ෆේට් වගේ විෂ රසායනික ද්‍රව්‍ය සහිත පිරිසිදුකාරක කොහෙත්ම භාවිතා කිරීම අනුමත කරන්නේ නැහැ. ඒ නිසා ඔයා සැමට භාවිතා කරන නිෂ්පාදන වල මේ දේවල් අඩංගු වෙනවා නම් කීයටවත් භාවිතා කරන්න එපා. ඒ වගේම උණු වතුරෙන් මුහුණ සේදීම කරන්නත් එපා. මොකද එමගින් මුහුණේ සම වියලෙන්න පුළුවන්. සිසිල් හෝ මද උණුසුම් ජලය භාවිත කිරීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. 

ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම 

තරුණ බව රැකගන්න අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි ප්‍රමාණවත් තරම් නින්දක් ලබාගැනීම කියන්නේ. සුවබර නින්දකින් ශරීරයේ හානි උන සෛල නැවත අලුත්වැඩියා කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය යහපත්ව තියාගන්නත් ප්‍රමාණවත් පරිදි නින්ද ලබගැනීම වැදගත් වෙනවා.